top of page

SHREEJITH

      ඇත්තටම අද මාගේ කලාගාරයේ කවුළු තුලින් අතීතය දිහාවට නෙත් යොමද්දී..

මගෙ ළමාවියේ මතකයන් ඉතාමත්ම සුවිශේෂී විදියට කැපිල පේනවා. අධ්‍යාපන කටයුතු සඳහා යොමු කරපු කාලෙයෙන් අමතර කාලය ගත්තම, මගෙ ක්‍රීඩා පිටිය, ක්‍රීඩා භාණ්ඩ බවට පත් වුනේ යාන්ත්‍රික මෙවලම් උපකරණ වගේ දේවල්...

ඇතැම් වෙලාවට කාලය ගැවසුණේ පරිසරයේ, ගස් වැල් අතර ස්වභාවිකත්වයේ හෙවනේ...

ඒ මතකයන්, අත්දැකීම්, මෙන්ම ක්‍රියාකාරකම් නිසාම ජීවිතය විඳිය හැකි රැකියාවක නිරත වෙන්න හැම අවස්ථාවකම මනස විසින් මාගේ මුළු චෛත්සිකයම යෝ කෙරෙව්වා කියලයි මට දැනෙන්නේ...

ඉතින් අද මේ මොහොත අරගෙන බලද්දී, මම ශ්‍රී ලාංකීය ජාතික ශිල්ප සභාවේ ක්‍රියාකාරී සාමාජිකත්වයක හිමි කරුවෙක් වෙලා ඉන්නවා. එයින් මම අදහස් කරන්නේ මම මේ ක්ෂේත්‍රයේ ඉහලටම යන්න තියෙන කැපවීම් සහගත බලාපොරොත්තුව පිළිබඳවයි !

ශ්‍රී ලාංකීය නිර්මාණාත්මක කලාවේ නැතිනම් කලාව ආදේශ වී නිර්මාණය වන රැකියාවන්හි සැපයුම් දායකයෙකු වීමට මම බලාපොරොත්තු වෙමි. එහිදී නගර අලංකරණය, ගෙවතු අලංකරණය මෙන්ම බිතු සිතුවම් නිර්මානකරණය ආදී වූ බොහෝ මානයන්හි “ කාලාගා ” වෘක්ෂයේ අතු ශාඛා විහිදුවා යැවීමට සුදානම් වී සිටිමි.

 

“ ඔහු නම් ජෙෆ්රි බාවාය - මම නම් ශ්‍රීජිත් වෙමි. ”     

 

               I am a CREATIVE GARDENER                

LET'S TALK
  • White Facebook Icon
  • White Google+ Icon

© . Proudly created with nishlight.com

Marawila 

Tel +94 779 057 661

bottom of page